නිර්වින්දනය

පිට ප්‍රදේශයට එන්නතක් විදීම මඟින් ශරීරයේ යම් කොටසක ඇති වේදනාවක් දැනීම නතර කිරීම, එපිඩියුරල් ක්‍රමය වේ. මෙම ලිපිය එපිඩියුරල් නිර්වින්දන ක්‍රමය පිළිබඳව වේ. දරු ප්‍රසූතියේදි හා සමහර සැත්කම් වලදි එපිඩියුරල් ක්‍රමය මඟින් නිර්වින්දනය ලබා දේ.

එපිඩියුරල් ක්‍රමය භාවිතා වන අවස්ථා

එපිඩියුරල් ක්‍රමය භාවිතා කරනුයේ:

  • දරු ප්‍රසූතියේදි (ප්‍රසූති ශල්‍ය කර්මය/සීසර් සැත්කම ඇතුළුව)
  • සමහර සැත්කම් වර්ග අතරතුර
  • සමහර සැත්කම් වර්ගවලින් පසු

ස්ටෙරොයිඩ් ඖෂධ ද එපිඩියුරල් එන්නත් ලෙස ලබාදෙන අතර ශ්‍රෝණිත රක්තය/සයටිකාව හා අන්තර් කාටිල‍ෙජ මඬල ලිස්සා යාම නිසා ඇතිවන කකුලේ හා කොන්ද‍ේ ව‍ේදනාවට ප්‍රතිකාර කිරීමට භාවිතාකරනු ලැබ‍ෙි.

එපිඩියුරල් නිර්වින්දනය සඳහා සූදානම් කිරීම

ඔබට නිර්වින්දනය පිළිබඳ යම් ප්‍රශ්නයක්, ඇත්නම් ඔබේ වෛද්යවරයා සමඟ සාකච්ඡා කරන්න. ඔබ ගනිමින් සිටින ඹෟෂධ පිළිබඳ වෛද්‍යවරයා දැනුවත් කරන්න. ඔබව නිර්වින්දනය කිරීමට පෙර, ආහාර පාන හා ඹෟෂධ ලබා ගැනීම සම්බන්ධයෙන් ඔබව දැනුවත්කරනු ලැබේ. ඔබට එපිඩියුරල් නිර්වින්දනය ලබා දීමෙන් පසුව පැය 24 ක් ගත වන තුරු වාහන පැදවිය නොහැක. එම නිසා ඔබට නිවසට යාමට වාහනය පැදවීමට අයෙක් සූදානම් කර තබන්න.

එපිඩියුරල් නිර්වින්දනය සිදු කරන අයුරු

මෙය නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයකු (anaesthetist) විසින් සිදුකරයි. ඔබ සාමාන්‍යයෙන් එපිඩියුරල් නිර්වින්දනයකදි අවදිව සිටියි. නමුත් සමහර සැත්කම් වලදි සිහි නැති කිරීමේ නිර්වින්දනය අතරතුර ද එපිඩියුරල් නිර්වින්දනය සිදු කරනු ලැබේ.

  • ඔබට කැනියුලාවක් යොදන අතර, එම නිසා එපිඩියුරල් නිර්වින්දනය අතරතුර දී තරල ලබා දිය හැක.
  • ඔබට වාඩිවී ඉදිරියට ඇලවීමට හෝ ඇලයට දිගා වී දණහිස් අකුලා ගැනීමට උපදෙස් දේ.
  • එපිඩියුරල් නිර්වින්දනය ලබාදීමට යන ස්ථානය හිරිවැටීම සඳහා ස්ථානීය නිර්වින්දනයක් ලබාදේ.
  • කුඩා කටුවක් භාවිතාකර, එපිඩියුරල් කැතීටර් ලෙස හඳුන්වන ප්ලාස්ටික් නළයක් ඔබේ කොන්ද‍ේ අස්ථි අතර ස්ථාන ගත කරනු ලැබේ.
  • කැතීටර් නළය පමණක් ඉතිරි කර කුඩා කටුව ඉවත්කර ගනු ලැබේ.
  • ඔබට කැතීටරය හා කටුව ස්ථානගත කල විට සුළු අපහසුතාවයක් ඇතිවිය හැක.

නිර්වින්දනය කිරීමට අවශ්‍ය ප්‍රදේශය , ශරීර කොටස අනුව එපිඩියුරල් එන්නත ලබාදෙන පිට කොන්ද‍ේ මට්ටම/ ස්ථානය වෙනස් වේ වේදනා නාශක ඖෂධ පසුව කැතීටරය හරහා ලබාදේ. මෙය සම්පූර්ණ ප්‍රතිඵල ලබා දීමට මිනිත්තු 20 -30 ක් පමණ ගතව‍ේ. ඔබේ පපුව, උදරය හා කකුල් හිරිවැටි ඇති බව දැනිය හැකි අතර එපිඩියුරල් භාවිතා කොට ඇති විට ඔබේ කකුල් වෙනදා මෙන් ශක්තිමත් ලෙස නොදැනිය හැක. ඇතුල් කල කැතීටරය පවතින විට, වේදනා නාශක ඹෟෂධ නැවත, අතින් හෝ ස්වයංක්‍රීය පොම්ප මඟින් ඇතුල් කළ හැක. මෙහි නිර්වින්දනය පැය කිහිපයක් (දරු ප්‍රසූතියේදී ) හෝ දින කිහිපයක් (ප්‍රධාන/බරපතල ශල්‍යකර්ම වලින් පසු) පවති. ජංගම එපිඩියුරල් නිර්වින්දන වල අඩු මාත්‍රා වේදනා නාශක ඖෂධ ලබා දෙන අතර ඇතැම් විට දරු ප්‍රසූතිය පහසු කිරීමට ඇවිදීමට ඉඩ සලසයි.

එපිඩියුරල් නිර්වින්දනයකින් පසු යථා තත්ත්වයට පත් වීම

එපිඩියුරල් නිර්වින්දනය අවසන් වු විට, එහි ප්‍රතිඵල පහව යාම ඇරැඹීමෙන් පසු පැය කිහිපයකින් හිරිවැටීම අවසන් වේ. ඹෟෂධ වල ප්‍රතිඵල පහව යන විට, ඔබගේ පාද යථා තත්ත්වයට පත්වන තුරු වැතිරී හෝ වාඩිවී විවේක ගැනීමට උපදෙස් දේ. මේ සඳහා පැය 2 ක පමණ කාලයක් ගත වන අතර ඔබේ සම‍ෙ පොපියන ස්වාභාවයක් ඇති විය හැක. ඔබට ඕනෑම වේදනාවක් ඇත්නම් වෛද්‍යවරයකු හෝ හෙදියක දැනුවත් කරන්න. ඔවුන් ඔබට එය පාලනය කිරීමට ඖෂධපලබා දිය හැක. එපිඩියුරල් නිර්වින්දනය ලබා දී පැය 24 ක් ගතවනතුරු රිය පැදවීම, යන්ත්‍ර හැසිරවිම, මත්පැන් පානය කිරීම යනාදියෙන් වළකින්න.

අතුරු ආබාධ

එපිඩියුරල් නිර්වින්දනය සාමාන්‍යයෙන් ආරක්ෂිත වේ. නමුත් සමහර විටෙක සෑම වෛද්‍ය ප්‍රතිකාරයකදි මෙන් අතුරු ආබාධ හා සංකූලතා ඇතිවිය හැක. දරු ප්‍රසූතියේදි එපිඩියුරල් ලබා දීමෙන් ඇතිවන සංකූලතා පිළිබඳ වැඩිදුර දැන ගැනීමට, "ප්‍රසුත වේදනාව අඩු කිරීම" කියවන්න.

අඩු රුධිර පීඩනය

එපිඩියුරල් නිර්වින්දනයකදි රුධිර පීඩනය සුළු වශයෙන් පහත වැටීම සාමාන්‍යය ය. සමහර විට මෙය ඔබට අසනි්ප තත්ත්වයක් ඇතිකළ හැක. ඔබේ රුධිර පීඩනය සමීපව නිරීක්ෂණය වනු ඇත. අවශ්‍ය නම්, රුධිර පීඩනය නියමිත මට්ටමේ පවත්වා ගැනීමට තරල හා ඹෟෂධ කැනියුලාවක් ආධාරයෙන් බිංදු වශයෙන් ලබා දේ.

මුත්‍රාශය‍ පාලනය නැති වීම

එපිඩියුරල් නිර්වින්දනයකින් පසු මුත්‍රාශය‍ ආශ්‍රිත ස්නායු වලට ඇති වු බලපෑම් නිසා මුත්‍රාශය‍ පිරි ඇතිබව නොදැනිය හැක. එම නිසා මුත්‍රා පහ වීමට මුත්‍රාශය‍ට කැතීටරයක් යොදනු ලැබේ. නිර්වින්දන තත්ත්වය පහව යන විට ඉක්මනින් මුත්‍රාශ පාලන හැකියාව ලැබේ.

සමේ කැසීම් ඇතිවීම

මෙය එපිඩියුරල් නිර්වින්දනය‍ෙ වේදනා නාශක වල අතුරු ප්‍රතිඵලයක් විය හැක. කැසීම නැවැති්මට ඹෟෂධ ලබාදීම හෝ නිර්වින්දනය සඳහා ලබාදෙන වේදනා නාශකය වෙනස් කල හැක.

ඔක්කාරය

මෝෆීන් (morphine) සහ අනෙකුත් ඕපිඒට්ස් (opiates) වැනි වෙනත් වේදනා නාශක ක්‍රම වලදිට වඩා මෙම ක්‍රමයේදි ඔක්කාරය ඇතිවීම අඩු ය. එයට ප්‍රතිවමනකාරක මඟින් හෝ රුධිර පීඩනය අඩු නම් එය වැඩි කිරිම මඟින් ප්‍රතිකාර කරනු ලබයි.

ප්‍රමාණවත් නොවන වේදනා සහන

සමහර විට එපිඩියුරල් නිර්වින්දනයට සියලු වේදනාවන් ඇති වීම නැවැත්විය නොහැක. එවිට ඔබට අතිරේක හෝ විකල්ප වේදනාව නාශක ක්‍රම දිය හැක.

හිසරදය

අහම්බයකින් කොඳු ඇට පෙළ වටා ඇති තරල බෑගය සිදුරු වුවහොත්, දැඩි හිසරදයක් ඇති කළ හැක. ඔබට හිසරදය සඳහා විශේෂිත ප්‍රතිකාර අවශ්‍ය විය හැක. සිදුරු වූ ස්ථානය වසා දැමීමට(සීල් කිරීමට) බ්ලඩි පැච් (blood patch) නැමති ක්‍රමය අනුගමනය කරයි. එහිදි ඔබගේ රුධිර සාම්පලයක් ගෙන, එය සිදුර තුළට එන්නත් කරනු ලැබේ. රුධිරය කැටි ගැසූණු පසු, සිදුර වැසී යන ( සීල් වන) අතර ඔබේ හිසරදය නවති. සියලු හිසරද සඳහා මෙම ක්‍රමය අවශ්‍ය නොවේ. ඔබේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා (anaesthetist) ඔබගේ විකල්ප ක්‍රමය පිළිබඳ ඔබ සමඟ සාකච්ඡා කරනු ඇත.

ශ්වසන වේගය අඩු වීම

ඉඳහිට, එපිඩියුරල් නිර්වින්දනය‍ෙදි භාවිතා වන සමහර ඖෂධ නිසා මන්දගාමී හුස්ම හෝ නිදිමත ඇති විය හැක. එය හඳුනා ගැනීමට ඔබව හොඳින් නිරික්ෂණය කරනු ඇත. මේ සඳහා පහසුවෙන් ප්‍රතිකාර කළ හැකිය.

තාවකාලික ස්නායු හානි

කටු හෝ එපිඩියුරල් නල වලට ස්නායු හානි සිදු කළ හැක. නමුත් මෙය ඉතාමත් දුර්ලභ වේ. මෙය ඔබේ ශරීරයේ පහළ කොටස් වල දැනීම් හා ක්‍රියාකාරිත්වය අඩු කිරීමට හේතු විය හැක. වඩාත් පොදු රෝග ලක්ෂණය වන්නේ සාමාන්‍යය ක්‍රියාකාරිත්වය හා ශක්තිය සමඟ කුඩා හිරිවැටීමේ ස්ථානයක් තිබීමය. මෙය සාමාන්‍යයෙන් දින කිහිපයකදි හෝ සතියකදී පමණ සුව වේ. නමුත් සමහර අවස්ථා වලදි මාසයක් පමණ ගත වේ.

ආසාදන

ආසාදනයන් සාමාන්‍යයෙන් වර්ධනය වන්නේ එපිඩියුරල් නල ආශ්‍රිත සම‍ෙහි ය. ආසාදනය ව්‍යාප්ත වීම ඉතා දුර්ලභ වේ. ප්‍රතිජීවක ඹෟෂධ, අත්‍යාවශ්‍ය ලෙස හෝ කලාතුරකින් හෝ හදිසි සැත්කම් වලදි ලබා දිය හැක.

ස්ථිර ස්නායු හානි

ඉතාමත් කලාතුරකින් එපිඩියුරල් නිර්වින්දනය ස්ථිර වශයෙන් දැනීම හා ක්‍රියාකාරිත්වය නැති කිරීමට හේතුවිය හැක. උදා- එක් පාදයක හෝ පාද දෙකෙහිම. හේතුන්:

  • ඉදිකටුවක් හෝ කැතීටර් (catheter) මඟින් රිජුවම ස්නායු හානි සිදුවීම
  • එපිඩියුරල් ලබා දුන් ප්‍රදේශයේ ගැඹුරින් හෝ සුෂු ම්නාවේ අසලින් ආසාදනයන් ඇතිවීම
  • එපිඩියුරල් ලබාදුන් ප්‍රදේශයේ ඇති රුධිර වහනය මඟින් සුසුම්නාව මත පීඩනයක් ඇතිකිරීම
  • වැරදීමකින් වැරදි ඖෂධයක් එපිඩියුරල් කැතීටරය මඟින් එන්නත් කළ විට

මෙවැනි සිදුවීම් දුර්ලභ වන අතර, මෙම සංකූලතා අවම කිරීම සඳහා නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්ට පුළුල් පුහුණුවක් ලබාදේ. එපිඩියුරල් නිර්වින්දනය‍ේ සම්බන්ධයක් නොමැතිව වෙනත් හේතුන් නිසා සැත්කම්වලදි ස්නායු හානි සිදුවිය හැක.

වෙනත් සංකූලතා

වෙනත් ඉතා දුර්ලභ සංකූලතා ඇතුළත් වේ:

  • වලිප්පුව
  • හුස්ම ගැනීමේ අපහසුතාවයන්
  • මරණය

එපිඩියුරල් නිර්වින්දනය සිදුකිරීම තීරණය කිරීමට පෙර, එහි ක්‍රම වේද පිළිබඳ ඔබේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කරන්න. ඔවුන්ට වැඩිදුර තොරතුරු හා අවදානම් සංකූලතා ඇති වීම සමබන්ධව උපදෙස් ලබා දීමට හැක.